පුන්සඳ වන් උන්මාදිනි
හදවතින් උතුරා දෝරේ ගලනා සෙනෙහසයි නුඹ සදා
නිල්මිණි කැට ලෙසින් දිස්වෙනා නෙතු ම සිත් හොරා
රූ සපුව නුඹේ පෙම්බරී රැයේ පුන්සඳත් පරදනා
සුන්දරියේ නුඹේ රුවයි සිල් ගත් මසිත දැහැනින් මුදවනා.
නිල්මිණි කැට ලෙසින් දිස්වෙනා නෙතු ම සිත් හොරා
රූ සපුව නුඹේ පෙම්බරී රැයේ පුන්සඳත් පරදනා
සුන්දරියේ නුඹේ රුවයි සිල් ගත් මසිත දැහැනින් මුදවනා.
කවුදෝ නුඹ දෙවඟන ලෙසින් මා සිත් තුල දඟ කරනා
පෙම් ලොවට මා ඇරයුම් කල දෙතොල මසිතේ රැඳුනා
රැයක් පුරා පෙම් කවි වදන් ගෙතුවා නුඹෙන් පෙමක් පතා
නෙතු නොනිදන රැය පුරා මසිත නුඹේ රූ සිහිකළා.
සුන්දර අන්ගනාවියේ ඔය නිල්මිණි නෙතු සිඹින්න මට තහනම්ද
මන බඳිනා පෙම් රාජිනියේ ඔය නුඹේ හදවත මට සින්නක්කරද
පුන්සඳ වන් උන්මාදිනියේ මා හැර යන්න නුඹට අදහසක්ද
පෙම උතුරන මසිත ලතවෙන්න දා යන්න නුඹේ සිතටඅවසරද
By
F Zee...
No comments:
Post a Comment