Saturday, November 26, 2011

දෛවය තහනමක් පැනවූ ආදරය !!!



සැමදා
නුඹ ගැනම සිත් වූ නිසා 
නුඹ ගැන කවියක් ලියන්න සිතුනා
නුඹම පෙම් කවියක් වූ නිසා 
කවි සංකල්පනාවෙන් මිදී 
නුඹ ගැන වදනක් සිතේ ගෙතුවා 

ලතවෙනා 
කඳුළු බිඳු සෙමින් සෙමින් 
සීතලින් මිදී උණුසුමකින් මා වෙලා ගෙන 
සිත් නුඹ ගැන පෙමක් සිතයි හඬ හඬා
පෑන් තුඩ ඒවා කවි වදන් කරයි 
හිරු බැස යන ගොම්මන් වෙලාවෙත්
 පෙම් සිත නුඹ ගැනම සිතුවිල්ලෙන් 

මා සිත්  
ඔය කවිකාර හැන්දෑවේ 
නුඹටයි පෙම් කවි ලිව්වේ 
තීන්ත නිම වෙන තුරා 
කොළ පිටු ගණන් පිරෙන තුරා
නොනිවෙන පෙම් සිත නිවෙන තුරා 

සුවඳයි
තවමත් නුඹේ කොමල පෙම් කෝල වදන් 
සමුගත්තත් නුඹ මෙලොවින් 
හුදෙක් විසූක දස්සනය වී තිබු  සිත 
කවි සිත කලේ නුඹේ පෙම් සුවඳ 
මට දෛවය තහනමක් පැනවූ ආදරය නුඹ 

පවසන්න 
මා තුරුල් වුනු ඔය හදවතේ 
මරණය තුරුල් වුනේ කෙසේද 
මගෙන් වැරැද්දක් සිදු වුනාද ???
මා නුඹට ලියු පෙම් කවි ටික මදිද ???
මා දෙව්දු කැන්දන් ගිය මරණයට සාප කර
මරණය වැළඳගත්තෙමි
ආදරයේ නාමයෙන්  



Monday, November 7, 2011

සිහිනය නොබිඳා !!!

සිහිනය නොබිඳා හදවතට ඇතුළු වීලා
මගේ සුසුමන් තුල නුඹේ සුවඳ සඟවාලා
මුවහත් පිහිතුඩ ම හදවතේ අමුනාලා 
නුඹ හද උදුරන් ගියා ලේ බිඳු දවටාලා.

මේ වේදනා ම හද කිසිවිටකත් නොඉවසාවී 
නුඹේ සුමිහිරි මතකයන් සිත් අමතක නොකරාවී 
නුඹේ වෙන්වුමෙන් ප්‍රාණය ම ලඟින් වෙන්වේවී 
මා මලත් නුඹේ මතකයන් සිතින් නොමරේවී

සුව නින්දක සිහිනෙන් නුඹේ පා සලකුණු පෙනේවී 
පා සලකුණු වලත් නුඹේ පා සළඹේ හඬ රැඳවී තියේවී
නෙත් දුටු දෙවඟන රූ සිත් සැමදා සිහිනෙන්  පෙන්නාවී
සිහිනෙන් පෙනෙන ඔය රුවට සිත් සැමදා පෙම් කරාවී

ම හදවතේ උණු ලෝ දිය තවරුවේ ඇයි 
ම ජීවනයේ දෙවඟන නුඹ වුවේ ඇයි 
මට වෙන්කළේ නිරයේ සොහොන් වළ ඇයි 
මා අසනා පැනයට පිළිතුරු නැත්තේ ඇයි 



Sunday, October 30, 2011

                       


  


කෙදිනද ???


මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ 
ආදරියේ කියා කෙදිනද මා නුඹ අමතන්නේ 
පෙමින් මත් වූ නෙත් කෙදිනද හමුවන්නේ 
පෙම් සුව විඳින්න කෙදිනද අවසර දෙන්නේ 



ලොවට හොරා පාලු වෙරළේ එක්ව පිය නගමු
අපේ දෙඅත් වෙන්නොවී තදින් පෙම් බැඳෙමු
නිල් ආකාසේ තරු මඬලේ අපේ පෙම ලියමු 
ලොවටම ආදරයේ අරුත වටහා දෙමු 


සවනට වැකුණු හඬට මා පෙම් බැන්දා
මනසේ ඇඳෙන රූ දකින්න දින ගැන්නා
නුඹ හා පෙම් බස් දොඩන්න හීන දැක්කා
ළඟදීම හමු වන්න ආසයි ඉවසුමක් නැතුවා










I JUST NEED U EVERY TIME !!!