Saturday, November 26, 2011

දෛවය තහනමක් පැනවූ ආදරය !!!



සැමදා
නුඹ ගැනම සිත් වූ නිසා 
නුඹ ගැන කවියක් ලියන්න සිතුනා
නුඹම පෙම් කවියක් වූ නිසා 
කවි සංකල්පනාවෙන් මිදී 
නුඹ ගැන වදනක් සිතේ ගෙතුවා 

ලතවෙනා 
කඳුළු බිඳු සෙමින් සෙමින් 
සීතලින් මිදී උණුසුමකින් මා වෙලා ගෙන 
සිත් නුඹ ගැන පෙමක් සිතයි හඬ හඬා
පෑන් තුඩ ඒවා කවි වදන් කරයි 
හිරු බැස යන ගොම්මන් වෙලාවෙත්
 පෙම් සිත නුඹ ගැනම සිතුවිල්ලෙන් 

මා සිත්  
ඔය කවිකාර හැන්දෑවේ 
නුඹටයි පෙම් කවි ලිව්වේ 
තීන්ත නිම වෙන තුරා 
කොළ පිටු ගණන් පිරෙන තුරා
නොනිවෙන පෙම් සිත නිවෙන තුරා 

සුවඳයි
තවමත් නුඹේ කොමල පෙම් කෝල වදන් 
සමුගත්තත් නුඹ මෙලොවින් 
හුදෙක් විසූක දස්සනය වී තිබු  සිත 
කවි සිත කලේ නුඹේ පෙම් සුවඳ 
මට දෛවය තහනමක් පැනවූ ආදරය නුඹ 

පවසන්න 
මා තුරුල් වුනු ඔය හදවතේ 
මරණය තුරුල් වුනේ කෙසේද 
මගෙන් වැරැද්දක් සිදු වුනාද ???
මා නුඹට ලියු පෙම් කවි ටික මදිද ???
මා දෙව්දු කැන්දන් ගිය මරණයට සාප කර
මරණය වැළඳගත්තෙමි
ආදරයේ නාමයෙන්  



No comments:

Post a Comment