පාළුව
පාලුයි නිවස අඳුරුයි ඔබ නැති විටදී
ඇයිදෝ නුඹ මා හැර ගියේ මෙතරම් දුක් ගිනි දී
කඳුලැලි නෙතඟින් හැලේ නුඹ සිහිවන විටදී
යලි යලි හමුවන්න පතන්නෙමි මතු ආත්ම වලදී.
මගේ සිතට නුඹ අද වේදනා කඳුලක් දීලා
සිහින කුමරියේ නුඹ අහසේ තරුවක් වීලා
දෛවයේ සරදමට සුදු හංසියේ නුඹ බිලි වීලා
ම තනිකර නුඹ යන්න ගියා මට නොකියාලා.
මගේ සීත කඳුළු ලියු උණුසුම් පෙම් කවිය නුඹ විය
වේදනාවෙන් හඬනා මසිත සොයනා උණුහුම නුඹ විය
නුඹ නොබලන මොහොතක් පාසා මගේ සිරි යහනත් සොහනක් විය
මතු ආත්මයෙත් නුඹයි ම පෙම කියා සිත් පතන්නට විය.
කුමරියේ නුඹ අහසේ තරුවක් වී හිනැහෙනවා
සාම රැයකම කවුළු පියන් අතරින් මට පේනවා
මා තනි නෑ ම හැර නුඹ ගියේ නෑ කියා දැනෙනවා
රැයක් පුරා අහස් කුසේ මා නෙත් වලට නුඹ දිස්වෙනවා
No comments:
Post a Comment