ටෙලිෆෝන් කුමරියේ
මා නෙත් සොයනා නුඹේ නිල්මිණි නෙතු කොහිදෝ
මා සිත් හමුවන්නට පතනා නුඹේ සුන්දර රුව කොහිදෝ
මා ජීවය පිබිදුව නුඹේ සිනා මල් කැකුළු කොහිදෝ
මා විය නුඹේ වැරදි ඇමතුම දවසක්දා අහම්බෙන් නුඹ ඇමතු
එදා සිදුවිය අපේ හමුව කවදාකවත් සිහිනෙන් නොපැතූ
එතැන් පටන් හුවමාරු වූ කෙටි පණිවිඩ දහසක් කවුරුත් නොසිතු
සිත් විය එදා පටන් නුඹ හමුවන්නට සැමදා ම සිත් හීන දැකපු
විසුවත් අප දෙදෙනා තැන් දෙකක බොහෝ දුරින්
ආසයි දැකගන්නට නුඹේ රුව ම නෙතු වලට ලඟින්
ඔය නුඹේ මල් සිනා පිපේවිද හමුවූ විට මා නෙතට ලඟින්
මට ආරාධනා නැද්ද නුදුරු දවසක නුඹ හමුවන්න නෙතට නෙතින් ???
පිදුම
මට බොහෝ දුරින්, හදවතට නුදුරින්
වෙසෙනා දෙව්දූ සිඟිති සරන්‍යා
හට...
Very nice Malli. Awesome! Keep up the good work :)
ReplyDeletethanx ayye !!!
ReplyDelete